තොණ්ඩමන් ගස් යන වං චා දු ෂණ චෝදනා රැසක්
ලංකා කම්කරු කොන්ග්‍රසයේ වසර 37 ක කාලයක් ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කල අරුලානන්දන් පිලිප් කුමාර් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ආසන සංවිධායක ලෙස කටයුතු ආර්.පුවනේෂ්වරම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ දැරු සියළුම තනතුරු වලින් සහ පක්ෂ සමාජිකත්වයෙන් (06) දින ඉල්ලා අස්වි ඇත.
ඒ සම්බන්ධයෙන් වු ලිපිය පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා වෙත යොමු කල බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය තුල දුෂණ වංචා රැසක් ඇති බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලන බව පවසමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය මුදල් ඉපයිමේ ව්‍යාපාර වල නිරතවන බව පක්ෂයෙන් ඉවත් වු අරුලානන්දන් පිලිප් කුමාර් මහතා සහ ආර්.පුවනේෂ්වරම් මහතා (06) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුලානන්දන් පිලිප් කුමාර් මහතා කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ කොටගල පිහිටි පක්ෂ මුලස්ථානයේ වතුකරයේ තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු ලබාදිමට අවශ්‍ය විශාල වටිනාකමකින් යුත් යන්ත්‍ර සුත්‍ර ගණනාවක් තිබු බවත්, පක්ෂ සමාජිකත්වය හෝ පක්ෂයේ විධායක සභාව දැනුවත් නොකර වත්මන් නායකයා විසින් එම යන්ත්‍ර සුත්‍ර සියල්ල මේ වන විට විකුණා දමා එම මුදල් ඔහුගේ පෞද්ගලික කටයුතු සදහා ලබාගෙන ඇති බවයි.
ජිවන් තොණ්ඩමන් මහතා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කල සමයේ වතුකරයේ සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කල බවත්, එම සංවර්ධන කටයුතු වලින් විශාල කොමිස් මුදලක් ඔහු විසින් ලබාගෙන ඇති බවයි.
තවද බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා ජනතාව පිඩාවට පත් විම නිසා කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් ගෙනවිත් එම ව්‍යාපෘතියට වෙන් කල විශාල මුදලක් ජිවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රමේෂවරන් ඇතුළු ඔවුන්ට හිතවත් කිහිපදෙනෙකු විසින් ලබාගෙන ඇති බවයි.
ලංකා කම්කරු කොන්ග්රසය සතු වටිනා ඉඩම් කිහිපයක්ම මේ වන විට ජිවන් තොණ්ඩමන් මහතාගේ පවුලේ අයගේ නම් වලට ලියාපදිංචි කරගෙන ඇති බවත්, නුවරඑලිය කදපොල ප්‍රදේශයේ රජය සතු විශාල ඉඩමක් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පවසා වෙන් කරවාගෙන එම ඉඩම ජිවන් තොණ්ඩමන් මහතා විසින් වෙනත් අයෙකුට මුදලට විකුණා ඇති බවද අරුලානන්දන් පිලිප් කුමාර් මහතා පැවසිය.
ලංකා කම්කරු කොන්ග්රසය සිදු කරන දෙයම වතුකරය නියෝජනය කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායකයින් සහ ආධාරකරුවන් සිදු කරන බවත්, මෙම වෘත්තිය සමිති දෙකම වතු කම්කරුවන් රවටා ජන්දය ලබාගෙන ඔවුන් සැප විදිමින් වසර පහකට පසු ජන්දය පැවැත්වෙන සමයේ පමණක් වතු කම්කරුවන් ළගම පැමිණෙන බවයි අරුලානන්දන් පිලිප් කුමාර් මහතා සහ ආර්.පුවනේෂ්වරම් මහතා මෙම මාධ්‍ය හමුවේ දි කියා සිටියේ.
– රංජිත් රාජපක්ෂ
- lanka c news