කෝටි 1000ක් වං චා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
(ටී.කේ.ජී.කපිල)
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර, රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර, ඔහු අද දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගේ පැමිණි පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටු පොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත
යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට පත් විය.
සැකකරු රැගෙන යාමට කටුනායක ගුවන් තොටු පොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි, එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ, මොහුගේ බිරිඳ, 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
“ජෙඩ්සිස් බිස්නස් ස්කූල්” නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.