මෙන්ඩිස් සමාගමට රතු එලි
හිඟ බදු නොගෙවන්නේ නම් W. M. මෙන්ඩිස් සමාගමට ලබාදී ඇති මත්පැන් නිෂ්පාදන බලපත්රය අහෝසි කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ගෙවීමට ඇති බදු මුදල් නොවැම්බර් 30 ට පෙර ගෙවන ලෙසයි සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙන්නේ.
මේ අතර වැට් බදු නොගෙවීම හේතුවෙන් W. M. මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර ස්කාගාරයේ මත්පැන් නිෂ්පාදනයටද සීමාවන් පනවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.