කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයි බර් ප්‍රහා රයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ, පසුගිය පළමු වැනිදා අදාළ සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත සයිබර් ආරක්ෂණ තක්සේරු වාර්තාවක් ලබා ගනිමින් ඇතැයි, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ ය.
එම සංසදය ප්‍රකාශ කළේ, එම වාර්තාවෙන් පසු නිල වෙබ් අඩවිය යළි යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි.