අම්බලන්ගොඩ අඹුසැමි ඝාතනයේ තවත් තොරතුරු එළියට අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඝ තන 14ක්
පසුගිය ඉරිදා (10) අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසනවා.
කෙසේවෙතත් පසුගිය 11 වැනිදා අදාළ අපරාධය සිදු කිරීමට යොදාගත් බව කියන යතුරුපැදියක් සොයාගෙන ඇති බව සඳහන්.
එය ද සොරකම් කරන ලද එකක් බවටයි, ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියා.
පසුගිය 10 වැනිදා අම්බලන්ගොඩ – මාදම්පේ පදිංචි අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කෙරුණා.
මත්ද්‍රව්‍ය ජාවාරමක් ඊට හේතු බවත් විදේශ රටක සැඟවී සිටින පාතාල කල්ලියක් විසින් ඝාතකයින් මෙහෙයවා ඇති බවත් සඳහන්.
මිය ගිය දෙදෙනාම අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයත් වන අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මීට වසර දෙකකට පෙර ගලගොඩ ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කෙරුණු පුද්ගලයා මොවුන්ගේ ඥාතියෙක් වනවා.
වසර දෙකක් තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඝාතන 14ක් පමණ සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
– මොණරා