ප්‍රදේශ කිහිපයකටම ඉදිරි පැය තිස් හය තීරනාත්මකයි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය තිස් හයේ දී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එසේම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.