රටම නොඉවසිල්ලෙන් බලා ඉන්න ප්‍රථම ඡන්ද ප්‍රතිඵල මෙන්න
ආරංචි මාර්ග සදහන් කරන්න් පළමු ඡන්ද ප්‍රතිපලය මාලිමාව ජයග්‍රහණය කර ඇති බවයි. ඒ 55% වඩා වැඩි ප්‍රතිශතයකින්.එමෙන්ම
මැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10ට ආසන්නව නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසන්නේ තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර මාධ්‍යයට නිකුත් කරන බවයි.
විශේෂයෙන් මෙම ප්‍රතිඵල අවස්ථා තුනකදී ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇති අතර පළමුව ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරේ.
ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන අතර, ඒ සමග එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.
ආසන්න මට්ටමින් ප්‍රතිඵල නිකුත්කිරීමත් සමගම සෑම ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන්කිරීම ආරම්භ කෙරේ.