ජනපති අනුර ඝා තනය කිරීමට පැවැති සැලැසුම හෙළිවෙයි
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට උත්සහා කළ අවස්ථාවේදී තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කිරීමේ සූදානමක් ක්‍රියාත්මක වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 35 වන ඉල්මහ විරු සමරුවට එක්වෙමින්.
“අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කිරීමට සූදානම් වුණා. ඔවුන් සෑම වෙලාවේම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලුත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලුත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි.
ඒ නිසාම පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුවී තිබෙන්නේ කුමක්ද? විවිධ ලකුණු, හැඩහුරු සහිත වේදිකා ගොඩක් තිබුණා. ඒ වේදිකාවල අපේක්ෂාව බවට පත්වී තිබුණේ බලය අත්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සාධකය. බලයේ තිබෙනවා විශේෂත්වයක්. බලය විසින් බලය නිර්මාණය කරනවා. බලයකින් බලය ප්‍රසාරණය කරනවා.
දැන් ඔවුන්ගේ අවශ්‍යතාවය බලය විසින් බලය තහවුරුවීම වැළැක්වීම. අපට පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගන්න බැරිවෙනවා නම් එයින් කියන්නේ මොකක්ද? බලයේ දුර්වල බව. බලය යම් කාලයක් ස්ථාවරව පැවතුණහොත්, තවත් බලවත් වෙනවා. එවිට ඔවුන් කල්පනා කරන්නේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමයි. බලය ලබාගත්තාට පසුව බලය තහවුරු වීමට ඉඩ නොදීමයි.”