වාහන ගෙන්වීමේදී මහා පරිමාණ වං චාවක්
විදෙස් රැකියාවන්හි නිරත විගමනික ශ්‍රමිකයන්ට විදත් වාහන ගෙන්වා ගැනීමට ලබා දුන් බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රුපියල් කෝටි 800කට අධික වංචාවක් සිදුව ඇති බව ඒ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.
විගමනිකයන්ගේ විදෙස් ප්‍රේෂණ නියමිත ක්‍රියාමාර්ග හරහා මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කරගෙන 2022.05.01 දින සිට 2022. 12. 31 දක්වා කාලය තුළ මෙරටට එවනු ලබන විදෙස් ප්‍රේෂණ අනුව මේ බලපත්‍ර ලබාදීම ආරම්භ කරන ලද අතර ඒ සම්බන්ධ ගැසට් පත්‍රය 2023.02.10 දින නිකුත් කර ඇත.
පසුව 2023.05.31 හා 2024.01.24 දිනැති ගැසට් පත්‍ර දෙකකින් එම බලපත්‍ර ලබාදීමේ කාලය තවත් දීර්ඝ කර තිබේ. ඒ අනුව අමෙරිකන් ඩොලර් 20,000ක් හෝ ඊට වැඩි මුදලක් එවනු ලබන විගමනික ශ්‍රමිකයකුට රුපියල් මිලියන 12ක් දක්වා වන විදත් රථයක් මෙරටට එවීමට අදාළ බලපත්‍ර ලබා දී තිබුණි. එහෙත් ඇතැම් බලපත්‍ර අවභාවිත කරමින් රුපියල් මිලියන 100ක් වටිනා වාහන ආනයනය කර ඇති බව වාර්තා වේ.
විදත් වාහන බලපත්‍ර 1019ක් වෙනුවෙන් අනුමැතිය ලබාදී ඇති අතර, අදාළ බලපත්‍රවල වටිනාකම ඇෙමරිකන් ඩොලර් මිලියන 46ක් බවද වාර්තා වී ඇත.
එසේම රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුක්ත වාහන 119ක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇත. එකම ආයතනයක් ආනයනය කරන ලද වාහන 97ක් මේ වන විට එක් ස්ථානයක රඳවා ඇති බවද විමර්ශනවලදී දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ විගමනික ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන බලපත්‍ර අවභාවිතාවෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුව ඇති බව තමාට වාර්තා වී ඇති බවත් එම කරුණ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා ඇති බවයි.
මේ මහා පරිමාණ වංචාව විදේශ සේවා හා කම්කරු අමාත්‍යාංශයේද සහාය ඇතිව සිදු කර ඇති බවත් මේ සම්බන්ධ පරීක්ෂණ අනුව ඉදිරියේදී මේ සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවත් ඔහු පැවසුවේය.
තාරක වික්‍රමසේකර
Silumina