විදුලි ගාස්තු සංශෝධනය මෙන්න මාස 06කට තීන්දුවක්.
මහජන උපයෝගිතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යොමු කර තිබේ.
එම යෝජනාව ඉදිරිපත් කරමින් මණ්ඩලය සදහන් කර ඇත්තේ මාස හයක කාලයක් සංශෝධනයකින් තොරව විදුලි ගාස්තු පවත්වාගෙන යා යුතු බවය.
ඒ අනුව ඉදිරි මාස හයක කාලයේදී විදුලි ගාස්තු අඩු වීමක් හෝ වැඩිවීමක් සිදු නොවනු ඇත.
කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය යෝජනාව පසුගිය ඔක්තෝබර් මාසයේදී විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණේ විදුලි ගාස්තුවෙන් 6%ක් අඩු කිරීමටයි.
නමුත් මහජන උපයෝගිතා කොමිසම දන්වා තිබුනේ ඊට වඩා වැඩි සහනයක් විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීමට හැකියාව ඇති නිසා නව යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසය.