අලුත් මන්ත්රීලාට පාර්ලිමේන්තුව ගැන රනිල්ගෙන් දේශනයක්
දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ නුදුරේදී ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
වික්‍රමසිංහ මහතා මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ සති අන්තයේ ඉහළ පෙළේ වෘත්තීය මිතුරන් සමග පැවති හමුවකදී අලුත් පාර්ලිමේන්තුවේ නවකයන්ගේ හැසිරීම් ගැන උපහාස කතා මතු කරමින් කළ අදහස් එළි දැක්වීමකදීය.
එම අදහස්වලට සවන් දුන් රනිල් ඒ කිසිවක් ගැන හාස්‍යයෙන් කතා නොකර “මං හිතන් ඉන්නේ ළඟදී ම පාර්ලිමේන්තු කටයුතු ගැන ලෙක්චර් එකක් දෙන්න” හිටපු කතානායක කරු ජයසූරියටත් ඒකට ආරාධනා කරන්න ඉන්නා බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
සිය ලෙක්චර් එක පවත්වන්න හිතාගෙන ඉන්නේ අපේ මන්ත්‍රීවරු, නීතිඥවරු ඉලක්ක කරගෙන බව ද ඔහු පවසා ඇත.