සහල් මා ෆියාව අවසන්. අනුර වැඩ අරඹයි.
පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද (08) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ඒ, සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නැයි, ජනාධිපතිවරයා දුන් උපදෙස් මතයි.
ඒ අනුව අද සිට දින 10 ක් දෛනිකව සහල් මෝල් පරීක්ෂා කරන බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන 8 ක්, අද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
අරලිය, නිව්රත්න, නිපුන, ලක් සහල්, මේනක, හිරු, ජයවික්‍රම සහ වීහේන යන සහල් නිෂ්පාදන ආයතන පරීක්ෂා කරන බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරීක්ෂා කෙරෙන සහල් නිෂ්පාදන ආයතන සංඛ්‍යාව, 5 ක්.
ඉරේෂා, ලයනල්, WHG, නවෝද්‍යා සහ සනූජා සහල් නිෂ්පාදනාගාර, ඒ අතරට ඇතුළත්.
වී තොග මිලදී ගැනීම, දෛනික නිෂ්පාදනය, සහල් තොග නිකුත් කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් එහිදී දත්ත ලබාගන්නා බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
උපරිම සිල්ලර මිලකට යටත්ව අද සිට සහල් නිකුත් කිරීමට ඊයේ (07) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණියේ ය.
ඒ අනුව නාඩු කිලෝ ග්‍රෑමයක මිල, රුපියල් 230 ක්.
සුදු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 220 කට අලෙවි කළ යුතුයි.
ආනයනික නාඩු කිලෝවක මිල, රුපියල් 220 ක්.
රුපියල් 240 ක, උපරිම සිල්ලර මිලක්, සම්බා කිලෝවක් සඳහා පනවා තිබේ.
කීරි සම්බා කිලෝ ග්‍රෑමයක මිල, රුපියල් 260 ක්.
නියම කළ මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද, ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.