නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලෙ යන දරුවන්ට චීන රජයෙන් තෑගි එවලා.
චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය.
ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය.
එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්රදානය කරන බවයි.
අරුණ