හදුනා නොගත් උණ රෝගය ශීඝ්‍ර යෙන් පැතිරෙයි දැනට 5 දෙනෙකු ම රුට
යාපනය දිස්ත්‍රික්කයේ පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් නිසා මේ වනවිට මරණ 5 ක් වාර්තාවී ඇති බව යාපනය ශික්ෂණ රෝහල ප්‍රකාශ කරයි.
රෝහල් අධ්යක්ෂ ටී. සත්‍යමූර්ති කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, 32 හැවිරිදි නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.
මෙම රෝගී තත්වය කුමක්ද යන්න පරීක්ෂා කරමින් පවතින අතර එය මී උණ (ලෙප්ටොස්පයිරා) දැයි සැකයක් ඇති නමුත් නිශ්චිත ව මෙතෙක් හඳුනාගෙන නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබේ.
රෝග ලක්ෂණ ලෙස තද උණ, තදබල මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, ශ්වසන අපහසුතා , වමනය, හිසරදය ආදිය මතුවන අතර මෙම ලක්ෂණ වෙනත් රෝග සඳහාද පවතින නිසා හරියාකාරව මී උණදැයි දැනගැනීමට වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය වේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ මේ වනවිට මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ වී ඇති නිසා මී උණ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවත්
කුඹුරු ආශ්‍රිතව වැඩ කරන ගොවීන් හට පමණක් නොව, පතල් කැණීම් කටයුතු, හෝ කුඹුරු ආශ්‍රිතව ගලා බසිනා ජලය පානය කිරීම, මුව කට සේදීම වැනි ක්‍රියාවලින් හෝ මී උණ වෛරසය ශරීරගත විය හැකි බවත් ඇය පැවසුවාය.
කකුළෙහි, අත් පාවල ඇති දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන තුවාල, සීරීම්වලින් හෝ දද, කුෂ්ඨ මාර්ගයෙන් වුව ද, මී උණ වෛරසය ශරීරයට ඇතුල්විය හැකි බව ඇය පවසා තිබේ.
පසුගිය 2023 වසරේ දිවයින පුරා මී උණ රෝගීන් 9,000කට අධික පිරිසක් වාර්තා වූ බවත් ඉන් රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක් මරණයට බවත් ඇය පැවසුවාය.
එමෙන්ම මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
රෝගී ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වා ගත හැකි බවත් එසේ නොවුන හොත් වකුගඩු, අක්මාව, මොලය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
කුඹුරු හා ජලය ආශ්රිත රැකියවන් සඳහා යොමුවන පිරිස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිජිවක ඖෂධ ලබා දෙන බවත් එ් අනුව තමන්ගේ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් අදාළ ප්‍රතිජීවක ඖෂධ නොමිලයේ ලබා ගත හැකි බවත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
Gossip lanka news