එතෙක් මෙතෙක් ඉතිහාසයේ දෙල් ගෙඩියක් අලෙවි වූ වැඩිම මිල අද නිට්ටඹුවෙන් වාර්තා වෙයි.
නිට්ටඹුව නගරයේ සතිපොළේ දෙල්ගෙඩියක මිල රුපියල් 450 දක්වා ඉහළ ගොස් තිබුණි.
ලොකු දෙල්ගෙඩි රුපියල් 450 බැගින්ද සෙසු දෙල්ගෙඩි රුපියල් 400 සහ 350 බැගින්ද අලෙවි කෙරිණි.
දෙල්ගෙඩි මිලදී ගැනීමට පැමිණි ඇතැම් පාරිභෝගිකයන් දෙල්ගෙඩි පරික්ෂා කර බලා මිල විමසීමෙන් පසු දෙල් මිලදී නොගෙන පිටව යන අයුරුද දක්නට ලැබුණි.
සතිපොළේ දෙල් අලෙවි ව්යාපාරිකාවගෙන් දෙල් මිල ඉතා ඉහල ගොස් තිබීම පිළිබඳව කළ විමසීමකදී දෙල් රැගෙන එන්නේ අනුරාධපුර ප්රදේශයෙන් බවද අඩු මිලට දෙල් ලබා ගැනීමට නොමැති බවද පැවසීය
එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන
lanka c news