ස රණාගත රැගත් යාත්රාවක් ශ්රී ලංකාවට
මියන්මාර සරණාගතයින් 103ක් රැගත් බහුදින යාත්රාවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්රදේශයේ මුහුදු තීරයට පැමිණ ඇතැයි ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.සරණාගතයින් ලෙස වෙනත් රටකට නීතිවිරෝධී ලෙස යමින් සිටියදී මෙම බහුදින යාත්රාව ශ්රී ලංකා වෙරළ තීරයට පැමිණ ඇතැයි ද නාවික හමුදාව සදහන් කරයි.මෙම බහුදින යාත්රාවේ සිටින පිරිසට ප්රමාණවත් ආහාර සහ ජලය නොමැති කමින් මෙලෙස පැමිණ ඇතැයි වාර්තාවේ.
Divaina