රටේ සහල් ප්රශ්නය විසදෙන දිනය හෙළි කරයි එතෙක් ජනතාවගෙන් සමාව ඉල්ලයි.
රට තුළ සහල් ප්‍රශ්නයක් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා සඳහන් කරයි.
ආණ්ඩුවක් ලෙස එම ප්‍රශ්නයට ජනවාරි 15 දායින් පසු උත්තර ලබාදීමට සූදානම් බවට ජනතාවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.
ජනතාව මේ මොහොතේ යම් අපහසුතාවයට පත්ව සිටින්නේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.