පාරිභෝගික අධිකාරියේ යැයි පවසමින්. දිවයින පුරා කඩවලින් ලක්ෂ ගණන් මුදල් ලබා ගනී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නම භාවිත කරමින් දිවයින පුරා ඇති විවිධ වෙළෙඳසල්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන කණ්ඩායමක් සොයා එම අධිකාරිය සහ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අම්පාර ප්රදේශයේ වෙළෙඳසල් දහයකට පමණ සිකුරාදා (20 වැනිදා) අදාළ කණ්ඩායම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යැයි පවසමින් දුරකථන ඇමතුම් දී ඇති බව එම අධිකාරියේ අධ්යක්ෂ (තොරතුරු හා වැටලීම්) අසේල බණ්ඩාර පැවසීය.
වෙළෙඳසල් හිමියන් යම් වරදක් කර ඇති බවත්, එය නඩු පැවරීමකින් තොරව විසඳාදීම සඳහා යම් මුදල් ප්රමාණයක් ගිණුම්ගත කරන ලෙස එම කණ්ඩායම වෙළෙඳසල් හිමියන්ට ගිණුම් අංකයක් දී තිබේ. ඒ පිළිබඳ සැක සිතූ ඇතැම් වෙළෙඳසල් හිමියන් ඒ පිළිබඳ පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ පොලිසියට පැමිණිලි කර තිබේ. එඒ අනුව පොලිසිය සහ එම අධිකාරිය මෙම පරීක්ෂණය ආරම්භය කර ඇති අතර එහිදී ද දැනට අනාවරණ වී ඇත්තේ අදාළ කණ්ඩායම විසින් වෙළෙඳසල් හිමියන්ගෙන් රුපියල් පනස්දහසත්, ලක්ෂයත් අතර මුදල් ප්රමාණයක් ගිණුම් ගත කරන ලෙස දැනුම් දෙන බවය.
එම වංචාකාර කණ්ඩායම බහුල වශයෙන් දුරකථන ඇමතුම් දී ඇති බවට වාර්තා වන්නේ සහල් වෙළෙඳසල්වලට බවය. කෙසේ වෙතත් ඇතැම් වෙළෙඳසල් හිමියන් එම වංචාකාර කණ්ඩායමට හසු වී මුදල් බැර කර තිබේ.
Aruna