චණ්ඩ කුණාටුවක් ශ්‍රී ලංකාව දෙසට
ශ්‍රී ලංකාවේ ඉදිරි දින කිහිපය තුළ දකුණු සහ නිරිතදිග මුහුදු ප්‍රදේශවලින් රට අභ්‍යන්තරයට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධනය වීමේ ප්‍රවණතාවක් පෙන්වයි.
Windyට අනුව, දැනට දිවයිනට දකුණින් සහ මාලදිවයින ආශ්රිත මුහුදු ප්‍රදේශයේ තද වැසි පද්ධතියක් වර්ධනය වෙමින් පවතී.
මෙම වැසි පද්ධතියෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයකට විසිරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතී.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දකුණු සහ නිරිතදිග පළාත්වලට (බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ) තද වැසි ඇතිවීමට ඉහළ සම්භාවිතාවක් ඇත.
ගිගුරුම් සහිත වැසි: දහවල් 2.00 න් පමණ පසුව උතුරු මැද, මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, හම්බන්තොට සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
lanka c news