ජපානෙට ගිහින් අනුර වතුරවත් එපා කියයි
ගිය සතියේ ජපානයට ගියා.එතකොට අපේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයත් ජපානේ හිටියා. ජපානයේ හිටපු අමාත්‍යවරයෙක් මට කියපු කතාවකින් මම පුදුමයට පත් වුණා. ” දැන් අන්න උ ඹ ලගේ රටට ආයෝජන ගන්න පුලුවන් කාලයක් ඇවිල්ලා ” කිව්වා. මේ ඇත්ත කතාවක්. මං ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වා දැන් Good Governance , Transparency හරියට තියෙනවා වගේ කියලා කිව්වා. කොහේ හරි තැනකින් මේක හැදෙනවනම් ඒක තමයි රටක් හැටියට අපිට අවශ්‍ය දේ. ආයෝජකයෙක්ට ජනාධිපතිතුමා කියලා තිබ්බා. ” ඔයාලා අයෝජනය කරන්න. මට වතුර වීදුරුවක්වත් එපා ” කියලා. හොද යමක් සිදුවෙමින් පවතිනවා කියලා මමත් දැක්කා. මේ තමයි රටට සිදුවිය යුතු දේ
– ආෂු මාරසිංහ
