අවසාන අනතුරු ඇඟවීමයි මධ්‍යම කඳුකරයේ සෑම කන්දක් ම අස්ථාවරයි
අවසාන අනතුරු ඇඟවීමයි 🚨
“මධ්‍යම කඳුකරයේ සෑම කන්දක් ම අස්ථාවරයි ”
🔴 මහනුවර – නුවරඑළිය – කුරුණෑගල දිස්ත්‍රික්ක වල ජනතාවට විශේෂ දැනුම්දීමක් – නායයෑම් රතු නිවේදන 👇
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ.
එපමණක් නොව මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
තවද බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්‍රික්කය:
– දොළුව
– උඩුදුම්බර
– මැදදුම්බර
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– වලපනේ
– හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– මතුරට
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
මහනුවර දිස්ත්‍රික්කය:
– ගගවට කෝරළය
– පාතහේවාහැට
– අකුරණ
– යටිනුවර
– තුම්පනේ
– හාරිස්පත්තුව
– පූජාපිටිය
– පස්බාගෙ කෝරළය
– හතරලියද්ද
– කුණ්ඩසාලේ
– උඩුනුවර
– දෙල්තොට
– පාතදුම්බර
– පන්විල
– උඩපළාත
– මිණිපෙ
– ගග ඉහළ කෝරළය
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– නුවරඑළිය
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
– බදුල්ල
– හපුතලේ
– හාලි ඇල
– කන්දකැටිය
– පස්සර
– මීගහකිවුල
– ඌව පරණගම
– වැලිමඩ
– ලුණුගල
– ඇල්ල
– බණ්ඩාරවෙල
– සොරණාතොට
– හල්දුම්මුල්ල
මාතලේ දිස්ත්‍රික්කය:
– නාඋල
– රත්තොට
– අඹන්ගග කෝරළය
– උකුවෙල
– විල්ගමුව
– යටවත්ත
– මාතලේ
– පල්ලෙපොල
– ලග්ගල පල්ලේගම
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– පොල්ගහවෙල
– අලව්ව
– මාවතගම
– මල්ලවපිටිය
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– තලවකැලේ
– නෝර්වුඩ්
– අඹන්ගමුව කෝරලේ
– කොත්මලේ බටහිර
– කොත්මලේ නැගෙනහිර
#srilanka #sinhalanews
