ලංකාවේ සීත යුගය අත්විදින්නට සූදානම් වෙන්න අනාවැකියක් සත්‍ය වෙයි
වසර කිහිපයකට පෙර මම අනාවැකියක් ලිව්වා මතක ඇති
” ලංකාවේ සීත යුගය අත්විදින්නට සූදානම් වෙන්න ” කියලා
ඊයේ දිනය තුළ ලංකාවේ ඇතිවෙච්ච වෙනස් වීමත් එක්ක මට ඒක මතක් උනා .
සමකය ආශ්රිත උණුසුම් දූපතක් ලෙස අපේ මනස හුරුකරලා තිබුණු බැමි ටිකෙන් ටික ලියමින් තියෙනවා . නුවරඑළියේ සීතල සෙල්සියස් අංශක 3.5 ට අඩුවෙනවා . කඳුකරය කොහොමත් සීතලයි කියලා කියන්න පුළුවන් .. ඒත් කදුකරයෙන් පස්සේ අඩුම උෂ්ණත්වය වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන් , අපි දන්නවා අනුරාධපුරය කියලා කියන්නේ උෂ්ණ පළාතක් කියලා.. මේ දිනවල රාත්රියේදී අනුරාධපුරයේ උශ්නත්වය සෙල්සියස් අංශක 17.5 දක්වා පමණ අඩු වී ඇත . මෙය සමස්ත ලංකාවේම තත්ත්වයයි .
ලංකාවටම එකවරම ඇතිවූ මේ සීතල සාමාන්‍ය කාලගුණ වෙනසක් ලෙස ඉවත දැමීමට නොහැකි තත්ත්වයකි. නුවරඑළියෙන් වාර්තා වූ සෙල්සියස් 3.5° උෂ්ණත්වය ගැඹුරු දේශගුණික වෙනස් වීමක මුල් ඉගියකි . සුලි කුණාටුවේ ක්‍රියාකාරකම් වලින් පසු දහවල් කාලයේදී පොලව අධිකව රත් වීමත් රාත්‍රී කාලයේදී අහසේ වළාකුළු අඩුවීමත් සමගම පෘථිවි පෘෂ්ඨයෙන් උෂ්ණත්වය වේගයෙන් පිටව යාම සීතලට මූලික හේතුවයි . ( radiational cooling )
සීතල හා අධික මිහිදුම හේතුවෙන් වර්ධනය වන රෝගී තත්වයන් මෙන්ම මාර්ග භාවිතාවේදීද බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුයි. කදුකර ප්‍රදේශවල බිමට වැටුණු මල් තුහින හේතුවෙන් තේ කොළ හා එලවලු වගාවන් වල කොල දහනය වීම හරහා වගා විනාශ වීම සිදුවීමේ අවදානමක් මතුවේ .
දරුවන්ට, වයෝවෘද්ධ අයට මෙන්ම ශ්වසනාබාධ සහිත අයට හුස්ම ආශ්රිත අපහසුතා වර්ධනය වීම මේ සීතලේ තවත් පැතිකඩකි . අද වන විට කාලගුණයේ වෙනස් වීම වේගවත් වී ඇත . ලංකාවේ සීත යුගය ආසන්නයටම පැමිණ ඇත .
කෙසේ වෙතත් දැනට පවතින මෙම සීත තත්ත්වයට සමාන තත්වයක් ඇතිවී ඇත්තේ 1974 වසර තුලය . එම වසරේ නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.0 අඩුවු බව වාර්තාවී ඇත.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
