මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළ යයි
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් වෙළඳපොළේ ද මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
දේශීය වෙළෙඳුන් පවසන පරිදි රන් පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, නවතම මිල ගණන් පහත පරිදි වේ:
කැරට් 24 රන් පවුමක්: රුපියල් 397,000
කැරට් 22 රන් පවුමක්: රුපියල් 362,200
ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත. වසර අවසානය වන විට එය ඩොලර් 5,500 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥයෝ පුරෝකථනය කරති.
