හෙදියක් සිය හිටපු පෙම්වතාගේ බිරිඳට H I V ආසාදිත රුධිරය එන්නත් කරයි
ආදර සබඳතාවලදී සිදුවන අසාර්ථක වීම් මිනිසුන්ට විවිධ අයුරින් බලපෑම් එල්ල කරයි. ඇතැමුන් ඊර්ෂ්‍යා කිරීමට පෙළඹෙන අතර තමන්ට පමණක් නොව අන් අයට ද හානිකර ආකාරයෙන් ක්‍රියා කළ හැකි ය.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද එවැනි ම සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු කාන්තාවක් පළිගැනීමේ උත්සහයක නිරත වී තිබේ.
ඇයට ප්‍රේම කළ පුද්ගලයා වෙනත් කාන්තාවක සමග විවාහ වී තිබිණි. මේ හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම සඳහා එම කාන්තාව රහසිගතව එම පුද්ගලයාගේ බිරිඳට HIV ආසාදිත රුධිරය එන්නත් කර තිබිණි.
වින්දිත කාන්තාවගේ සැමියාගේ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, එම සිද්ධිය ජනවාරි 9 වන දින සිදුවූ බවට තහවුරු වී ඇත.
කුර්නූල් දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන මෙම වෛද්‍යවරිය රැකියාවෙන් පසු තම ස්කූටරයෙන් නිවසට යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබිණි.
BBC Sinhala
