ජනපති අනුර ඉන්දු පාකිස්තාන ගැටුම විසදයි
පාකිස්තාන අගමැති මොහම්මඩ් ශෙහ්බාස් ශරීෆ් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
ඒ මේ වනවිට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මෙරටදී පැවැත්වීමට නියමිත පාකිස්තාන – ඉන්දියා තරගය සම්බන්ධයෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙස එහිදී ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම ඉතා සුහදශීලී ලෙස පිළිගත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමග මෙරටදී පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවීමටයි තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගයට ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාව පළ කර ඇත.

ආරක්ෂක හේතුන් නිසා වසර ගණනාවක් පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැමිණීම නවතා තිබූ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය අවලංගු නොකර පාකිස්ථානයට ගමන් කළ අමතක නොවන සංචාරය පිළිබඳව ද විශේෂයෙන් ප්‍රශංසා කර තිබේ.
ඒ අනුව T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙසයි පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.
මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වීමට නියමිතය.