මොනරාගල දුෂ්කර ගමේ කෙල්ල අද ඇය රටටම ආදර්ශමත් ගුරුවරියක්
මොනරාගල පැත්තේ දුෂ්කර ගමක, වැසි එනකොට වහලෙන් වතුර වැටෙන, ගිම්හානයේ දූවිල්ලෙන් පිරුණු පොඩි මැටි ගෙදරක ජීවත් වුණේ දිනේෂා කියන කෙල්ලෙක්.
ඇගේ තාත්තාව දිනපතා කුලී වැඩට යන කෙනෙක්. දවසක් වැඩ ලැබුණොත් පවුලට කන්න තිබුණා. වැඩ නැති දවසට බත් එක්ක ලුණු මිරිස් ටිකක්වත් ලැබුණොත් ඒකත් වාසනාවක්.
අම්මා ගමේ ගෙවල්වලට ගිහින් ඇඳුම් සෝදලා, පිඟන් හෝදලා, පුළුවන් හැම වැඩක්ම කරලා ගෙදර ආවා.
ඒ අමාරුකම් අතරෙත් දිනේෂාට තිබුණේ එකම හීනයක්.
“මම දවසක ගුරුතුමියක් වෙනවා. මම වගේ දුක් විඳින ළමයින්ට ඉගැන්වෙනවා” කියන එක.
ඇයට පාසලට යන්න තිබුණේ දිග දුරක්.
උදේම නැගිටලා ගෙදරින් වතුර ගේන්න, ලිප ගහන්න, පොඩි නංගිව සූදානම් කරලා තමයි පාසලට දුවන්නේ.
සමහර දවසට කෑම පෙට්ටියක් තිබුණේ නෑ.
යාළුවෝ කන්න ගන්න වෙලාවේ ඇය වතුර බීලා හිටියා.
ඒත් පාඩම අතහැරියේ නෑ.
පරණ exercise book වල හිස් පිටු එකතු කරගෙන ලියාගත්තා.
ගමේ අය පාවිච්චි කරලා ඉවර කරපු පොත් අරගෙන නැවත බැඳලා පාඩම් කළා.
විදුලිය කපන රෑවල්වල බුදු පහන ළඟ ඉඳගෙන අකුරු කියවලා, සිහින හදාගත්තා.
දවසක් ගුරුවරිය ඇගෙන් ඇහුවා,
“දිනේෂා, ඔයා ලොකු වෙලා මොනවද වෙන්න ඕනේ?”
ඇය අඩු කටහඬින් කිව්වා,
“Teacher කෙනෙක් වෙන්න ඕනේ miss… අපේ ගමේ ළමයින්ට හොඳට උගන්වන්න.”
පන්තියේ සමහර ළමයි හිනා වුණා.
“ගුරුතුමියක් වෙන්න කලින් ගෙදර කන්න තියෙනවද බලපං” කියලා කෙනෙක් කියද්දී, දිනේෂාගේ ඇස් දෙක තෙත් වුණා.
ඒත් ඒ කඳුළු ඇය බලයක් කරගත්තා.
O/L විභාගයට ලඟා වෙද්දී තාත්තා ලෙඩ වුණා.
ගෙදර ආදායම එකවරම අඩු වුණා.
පාසල අතහරින්න වෙයිද කියලා අම්මා බය වුණා.
ඒ වෙලාවේ දිනේෂා ගමේ පුංචි ළමයි දෙතුන් දෙනෙක්ට සවස tuition දීලා පොඩි සල්ලි ටිකක් හොයන්න පටන් ගත්තා.
තමන්ට පාඩම් කරන අතරතුර, අනිත් ළමයින්ටත් උගන්වද්දී ඇයට තවත් තේරුණා —
“මේක තමයි මගේ පාර.”
විභාග ප්‍රතිඵල ආව දවසේ, ගෙදරම කාටත් බය.
පරණ phone එකකින් result check කරද්දී අම්මා අත කම්පාවෙන් වෙව්ලුවා.
ඒත් දිනේෂා විශිෂ්ට ප්‍රතිඵලයක් අරගෙන තිබුණා.
ඒ දවසේ තාත්තා කිව්වේ,
“අපි දුප්පත් වෙන්න පුළුවන්… ඒත් අපේ දුවගෙ හීන දුප්පත් නෑ.”
ඊට පස්සේ A/L, training, අමාරු ගමනක්.
සල්ලි අඩු වුණා.
ඇඳුම් අඩු වුණා.
නිදාගන්න වෙලාව අඩු වුණා.
ඒත් උත්සාහය අඩු වුණේ නෑ.
අවසානයේ, දිනේෂා ගුරු පුහුණු විද්‍යාලයට තේරුණා.
පස්සෙ ගමේම පාසලකට ගුරුතුමියක් වෙලා ආවා.
ඇය මුල්ම දවසේ පන්තියට ඇතුළු වෙද්දී, හිස් පාදයෙන් පාසලට ආපු පොඩි කෙල්ලෙක් ඇස් දෙක ලොකු කරලා ඇය දිහා බැලුවා.
ඒ දසුන දැක්කම දිනේෂාට මතක් වුණේ තමන්ගේම අතීතය.
ඇය හිනාවෙලා කිව්වා,
“කවුරුත් තමන් දුප්පත් කියලා හීන නවත්තන්න එපා. මමත් මේ bench එකක ඉඳගෙනම හීන දැක්කා.”
අද දිනේෂා ළමයින්ට අකුරු විතරක් නෙවෙයි උගන්වන්නේ.
ජීවිතේ හරි හැටි ලියන්නත් උගන්වනවා.
කවුරුන් හරි පොඩි කෙල්ලෙක් “Miss, මටත් පුළුවන්ද?” කියලා අහන හැම වෙලාවකම,
ඇය කියන්නේ එකම එක දෙයයි —
“පුළුවන් දුවේ… හීනය අතාරින්න එපා.”
සත්‍ය කතාවක් ඇසුරින් . නම් ගම් මනක්කල්පිතයි
