ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක් හොරෙන් උකස් කළ රංගන ශිල්පිණිය අත්අඩංගුවට
නව පරපුරේ රංගන ශිල්පිණියක් රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුපියල් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් හිමිකරුගේ අවසරයකින් තොරව බත්තරමුල්ලේ පිහිටි පුද්ගලික මුල්‍ය ආයතනයක උකස් තබා රුපියල් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවය.
ඒ අනුව, අද දිනයේ තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම රන් මාලය උකස් කර තිබුණද එය බේරාගෙන හිමිකරුට නැවත භාරදීමට හැකියාව පවතින බවය.
ඒ අනුව, සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද, අදාළ රන් මාලය තලංගම පොලීසිය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.
මෙම නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැඳවීමට නියමිතයි.
ada derana
