ලෝක ඉන්ධන මිල එක මොහොතෙන් ඉහළ යවපු ඉරානය ඉල්ල කළ ද රුණු ප්‍රහා රය
මේ වෙද්දී ලෝකෙම මාධ්‍ය මේ පුවත වාර්තා කරමින් ඉන්නවා.ඩුබායි වරාය ආසන්නයේදී කුවෙට් රාජ්‍ය සතු අති විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් වන Al Salmi වෙත ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.මේ වෙද්දිත් නැව ගිනි ගන්නවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ නෞකාව සම්පූර්ණයෙන්ම බොරතෙල් වලින් පුරවලා තිබුණා කියලා කුවෙට් තෙල් සමාගම වාර්තා කරනවා.ඒනිසා අති විශාල තෙල් කාන්දුවක් වෙන්න ඉඩ තියෙනවා කියලා මේ වෙද්දි ලොකු අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.ගිනි නිවන බලකායන් රැසක් ගින්න පාලනය කරන්න ලොකු උත්සහයක් මේ වන විට ගන්නවා.
මේ ප්‍රහාරයත් එක්කම ලෝක වෙලදපලේ බොරතෙල් මිල 4% කින් පමණ ඉහල ගිහින් තියෙනවා.ඒ හැමදේටම වඩා තෙල් කාන්දුවක් උනොත් වෙන පරිසර විනාශය අති විශාලයි.ඒ ගැන අපේ රටට හොඳම අත්දැකීම තියෙනවා.එහෙම නිසා එහෙම නම්වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න.මොකද එහෙම දෙයක් උනොත් ඒකෙන් කියන්න බැරි විනාසයක් වෙන්න පුලුවන් 💔
