වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි තද වැසි
දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව ය.
උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.
