පල්ලේගම හේමරතන හිමි දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරේ
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි උන්වහන්සේව අද (22) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ප්රකාශයට පත් කෙරිණි.
සැකකාර හේමරතන හිමියන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කිරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න මහතා පියවර ගත්තේය. මෙහිදී අධිකරණය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කරමින් ප්රකාශ කර ඇත්තේ පනවා ඇති ඇප කොන්දේසි කඩ කිරීමට කටයුතු කළහොත් හෝ සාක්ෂිකරුවන්ට කිසියම් හෝ බලපෑමක් එල්ල කළහොත් පනවා ඇති ඇප නියෝගය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවයි.
මෙම සිදුවීමට අදාළව අටමස්ථානාධිපති හිමියන්ට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බව වාර්තා වේ. මීට පෙර පසුගිය 15 වැනිදා ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණේ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වන අතර ඒ අනුව උන්වහන්සේව මෙලෙස අධිකරණය හමුවට රැගෙන විත් තිබුණි.
gossip lanka news
