සාම්පූර් සූර්ය විදුලියේ ආයෝජනයට කන කොකා පාන ආණ්ඩුවේ උපදේශකවරු
ත්රිකුනාමලයට ආසන්නයේ පිහිටි සාම්පූර් ප්‍රදේශයේ රටට අත්‍යවශ්‍ය ගල්අඟුරු බලාගාරයක් සැලසුම්ව තිබුණි. 2015 යහපාලන රජය විසින් එය අක්‍රමවත් ලෙස අහෝසි කෙරිනි. ඉන්පසු එම භූමියේ මෙගාවොට් 120 ක සූර්යබල ව්‍යාපෘතියක් සැලසුම් විය. එහි හිමිකාරීත්වය ඉන්දියානු රජයට අයත් සමාගමක් සහ ශ්‍රී ලංකා රජය අතර හවුල් සමාගමක් සතු ය. සැලසුම් අවධියේදීම විදුලිබල මන්ඩලය තුල සිටින අවතාර විසින් මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 50 කට සීමා කරන ලදී. එය එම ඉඩම මුළුමනින් ම අපතේ යවන තීරනයකි. කප්පල්තුරේ යනු ත්‍රිකුනාමලය ප්‍රදේශය රටේ විදුලි පද්ධතියට සම්බන්ධ කෙරෙන ප්‍රධාන ග්‍රිඩ් උපපොලයි. කිලිනොච්චි සිට හබරන දක්වා ඉදිකිරීමට කිලෝවොට් 400 ක ප්‍රධාන සම්ප්‍රේෂන මාර්ගයක් සැලසුම් කර ඇත. කප්පල්තුරේ සිට හබරණ දක්වා ද කිලෝවොට් 400 සම්ප්‍රේෂන මාර්ගයක් සැලසුම් කර ඇත. සාම්පූර් බලාගාරය කප්පල්තුරේට සම්බන්ධ කිරීමට තවත් සම්ප්‍රේෂන මාර්ගයක් සැලසුම් කර ඇත. එම සාම්පූර් කප්පල්තුරේ සම්ප්‍රේෂන මාර්ගය නොමැතිව සාම්පූර් සූර්ය බලාගාරය ඉදි නොවේ. මෙහි සඳහන් සියලු ව්‍යාපෘති සඳහා අඩු පොලියට ණය දීමට සූදානමින් සිටින්නේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවයි (AIIB). සාම්පූර් කප්පල්තුරේ සම්ප්‍රේෂන මාර්ගය දැනට මෙගාවොට් 600 ක් රැගෙන යා හැකි ලෙස සැලසුම් කර ඇත. එහි ඉදිකිරීම් සඳහා ළංසු කැඳවා මූල්‍ය ළංසු විවෘත කිරීම බලධාරීන් පමා කරමින් සිටියි. එයට හේතු ලෙස දක්වා ඇත්තේ මෙම ප්‍රදේශයේ අනාගතයේ එකතුවන සූර්ය බලය සියල්ල උකහා ගැනීමට මෙම සම්ප්‍රේෂන මාර්ගය ප්‍රමාණවත් නැති බව ඇති කළ සැකයකි. එය සම්පූර්ණ අසත්‍යයක් බව ලංවිම ඉංජිනේරුවන් පවසයි. සැබෑ උවමනාව රට පාවා දෙන දූෂිත කුමන්ත්රනයකි. එය මෙහෙයවන්නේ දැන් ජාජබ ආණ්ඩුව සමඟ එක්වී සිටින, ලංවිම සමාගමකින් අදටත් වැටුප් ලබන කුප්‍රකට කොන්ත්රාත්කරුවෙකි.
ඉන්දීයානු රජය හරහා රටට ලැබෙන ඍජු විදේශ ආයෝජනය නිසා අවස්ථා අහිමිවන දේශිය කළු ව්‍යාපාරිකයින් පිරිසක් සිටියි. එම ඉඩම සහ අවට ඇති ඉඩම්වල තමුන්ගේ සූර්ය බලාගාර ගසාගෙන විදුලිබිල් ගෙවන ජනතාවගේ මුදිලින් කළු සල්ලි සුදුකර ගැනීමට එක් පිරිසක් බලා සිටියි. ඉන්දියාව ලංකාව සමඟ භේද කිරීමට තවත් පිරිසක් සැදී පැහැදී සිටියි. අනෙක් පිරිස වන්නේ ඩීසල් මාෆියාවයි.
හදිසි මිල දී ගැනීම්වලින් මල්ල තර කරගැනීමට ඉරාන-ඇමරිකා යුද්දය ආරම්භයේ සිට ම ලංකාවේ ඩීසල් මාෆියාව කෙළ හලමින් බලා සිටියේ ය. සූර්ය බලය නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. සූර්ය බලය දියාරු කිරීමට මේ රජයේ උපදේශකවරු ආරම්භයේ සිට ක්‍රියා කළෝය. ඉදිරි වසර තුන තුළ මෙගාවොට් දහසක් පමණ පද්ධතියට එක් කර ගැනීමේ සැලසුම් ඩීසල් මාෆියාවට දරා සිටිය නොහැක. ඒ නිසා පෙනි පෙනී තිබෙන ව්‍යාපෘති ප්‍රමාද කිරීමට මේ සියලු මාෆියා මුළු බර යොදයි.
ඔවුන්ගේ උපායමාර්ගය ඉතා සරල එකකි. එය මෙරට කුප්‍රකට ගනුදෙනු සඳහා නිලධාරීන් භාවිතා කරන ක්රමයකි. එ් විවිධ හේතු කියා ටෙන්ඩර් ප්‍රමාද කිරීමයි. පසුගිය බාල ගල් අඟුරු සිද්ධියට මුල්වූයේ ද එම උපක්‍රමයයි. වසර ගණනක් තිස්සේ ඉංජිනේරුවන් විසින් සැලසුම් කළ සම්ප්‍රේෂන මාර්ගය හදිසියේ ප්‍රමාණවත් නොවූයේ කෙසේ ද? එය ප්‍රමාණයෙන් දෙගුණ කිරීමට දැන් යෝජනා වි ඇත. එහි සැබෑ ඉලක්කය වන්නේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ කරගෙන ආ ටෙන්ඩර් පටිපාටිය නැවත මුල සිට කිරීමයි. එනම් ඉහත කී සියලු ව්‍යාපෘති තවත් වසරකින්වත් කල් යෑමයි. අප රටට විදේශ ආයෝජන රැගෙන එන මිතුරු විදේශ රටවල්, ආයෝජකයින් හෝ බැංකු අප වැඩ කල් දමන විට එම ආයෝජන නවත්වාගෙන බලා නොසිටියි. ඔවුන්ට ලෝකයේ ආයෝජනය කළහැකි එකම ව්‍යාපෘතිය මෙය නොවේ. මේ ප්‍රමාදයන්ට උපදෙස් දෙන කොන්ත්‍රාත් කරුවන් මේවා හොඳින් දනී. එසේ දැන දැන බොරු හේතු පෙන්වා මෙසේ ප්‍රමාද කරන්නේ රටට ද්‍රෝහී වීමට සහ තමතමන්ගේ සාක්කු පුරවා ගැනීමට පමණි. මේ ව්‍යාපෘති ප්‍රමාද කිරීමෙන් 2028 මාර්තු මාසයේ බලශක්ති අර්බුදයක් ඇතිවන බව ඔවුන් දනී. මේ ද්‍රෝහීන් පාර කපන්නේ තවත් ජනතා අරගලයකටයි. ඒ අරගලය අවසාන වන්නේ රටම ලේ විලක් වීමෙන් බව සියල්ලෝම දනී.
රටට, ලංවිමට හිතැති ඉංජිනේරුවනි, තාක්ෂන ශිල්පීනි, සහෝදර සේවකයිනි. ලංවිම සැලසුමකින් තොරව කඩා බිඳ දැමූ දූෂිත අවතාර තම සුපුරුදු දූෂිත ක්‍රියාවලිය දිගටම කරගෙන යති. මේවාට විරුද්ධ වීමට තවමත් ප්‍රමාද නැත.
