බස් ගාස්තු ඉහළට
බස් ගාස්තු මිල 12%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.
mawbima.lk සිදු කළ විමසීමකදී එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යන බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ ය.
අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මෙම බස් ගාස්තු සංශෝධනය ජුලි 5 වන දා සිට ක්රියාත්මක කරන බව ය.
