ශිෂ්‍යත්ව විභාගය අනිද්දා… විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.
මෙවර විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී අයදුම්කරුවන් 294,089 දෙනෙකු මුහුණ දීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළා.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු සංවිධානය කිරීම පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. එම තහනම විභාග කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු තදින්ම බලපැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
