බීමත්ව රිය පැදවීමට රුපියල් ලක්ෂ 5 ක දඩයක් හෝ අවුරුදු 2 ක සිර දඬුවම් රටම කතාවෙන පුවතේ ඇත්ත කතාව
“බීමත්ව රිය පැදවීමට රුපියල් ලක්ෂ 5 ක දඩයක් හෝ අවුරුදු 2 ක සිර දඬුවම් දෙනවා කියලා නීතියක් තාම නෑ”
කියලා මම කිව්වාම මට බැනපු සහ බනින අයට තමයි මේ…
අරමුණ මොකක් වුණත් බොරු නිව්ස් සමාජගත වෙන එකට මම කැමති නෑ.
එහෙම බැලුවොත් ඕන බොරුවක් සමාජගත කරලා ඒකට උඩින් බොරු යහපත් අරමුණක් එල්ලුවම ඒක හරිද?
අනිත් එක දඩය වැඩි කරා කියලා බොන මිනිහා කොහොමත් බොනවා. ඒක නැවතෙන්නේ නෑ. අඩු වුණත් නැතිවෙන්නේ නම් නෑ.
එහෙම වුනත් වෙනත් දුෂිත ක්‍රමවලින් ඕකට පිලියම් හොයන එක. ඒකට ඔයාලා කැමතිද?
මේක කැම්පේන් එකක් වෙන්න පුළුවන් කාගෙහරි.
මේ ටිකේ උඩට ආපු කෙළෙහියගේ පිලිකා ඖෂධ ගැටළුව, වැලිපැන්න රෙස්ට් ඒරියා එකේ අවුරුදු 99 රු.10000 ප්රශ්නය යට ගහන්න මේක ආවා වෙන්නත් පුළුවන්.
ඒවාට රැවටෙන එක අවුලක් නැද්ද?
සරලවම මේක Drink and Drop ඇප් එකක ප්‍රොමෝශන් එකක් වෙන්නත් පුළුවන්. ඒවට රැවටෙන එක අවුලක් නැද්ද?
සමහර අය හිතන් ඉන්නේ මම බොන සීන් එකේ ඉන්න නිසා දඩයට කැමති නෑ කියලා.
මම ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නෑ බන්. මගේ යාළුවෝ ඕන තරම් ඒකට සාක්ෂි දරාවි.
– Vikum Harshana
