ඇමරිකාව සුද්ද කරමි ඉතිහාසයේ විශාලතම සංක්‍රමණික පිටුවහල් කිරීම් අරඹයි
පසුගියදා පැවති ඇමරිකානු ජනපතිවරනයෙන් එරට ඊළඟ ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයේ නිල වශයෙන් වැඩ භාරගනු ඇත්තේ ලබන 2025 ජනවාරි මාසයේ සිටය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්රහණයෙන් පසු ඊයේ (07) පවසා ඇත්තේ ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණික පිටුවහල් කිරීමක් සිදු කරන බවත් ඇමරිකාව සුද්ද කර දමන බවත්ය.
මෙයට “මිල සීමාවක් නොමැති” බවද ඔහු කියයි.
ජනවාරි මාසයේදී ධුරය භාර ගැනීමෙන් පසු තම ප්‍රමුඛතාවයන්ගෙන් එකක් වන්නේ එක්සත් ජනපද දේශසීමාව “ශක්තිමත් හා බලවත්” කිරීම බව නව නිල ජනාධිපති පවසා ඇත.
කමලා හැරිස් පරාජය කිරීමෙන් පසු ඇමරිකාවට “සාමාන්‍ය බුද්ධිය” ගෙන ඒමට ලැබුණු වරමක් ලෙස ඔහු එය හැඳින්වීය.
අපේක්ෂකයෙකු ලෙස, ට්‍රම්ප් නිතර පැවසුවේ ඔහු “ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අනවශ්‍ය සංක්රමනිකයින් එළවා දැමීමේ උත්සාහය” ආරම්භ කරනු ඇති බවයි.
ට්‍රම්ප්ගේ තර්කය වනුයේ ඇමරිකාවේ බලවන්තකමට සංක්‍රමණික ජනයා බාධාවක්ව පවතින බවකි. එරට අපරාධ රැසකට වගකිව යුත්තේ සංක්රමනික ජනයා බව ඔහුගේ අදහසයි.
සංක්‍රමණය හා සම්බන්ධ අපරාධ පිළිබඳ ගැටලුව ඉක්මණින් විසඳා පිරිසිඳු ඇමරිකානුවන්ට නිදහසේ ඇමරිකාවේ වාසය කිරීමට ඉඩ සැලසිය යුතු බව ඔහු නිතර කීය. “මිනිසුන් ඝාතනය කර ඇති විට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටවල් විනාශ කර ඇති විට, දැන් ඔවුන් නැවත ඒ රටවල්වලට යා යුතුයි,
මක්නිසාද ඔවුන්ට මෙරට ගැන කැක්කුමක් නැති නිසා එසේම දිගුකල් ඔවුන් මෙහි නොසිටින නිසා. ඊට මිල සීමාවක් නැත” යැයි ඔහු පැවසීය.
“අපි පැහැදිලිවම දේශසීමාව ශක්තිමත් හා බලවත් කළ යුතුයි” ඔහු එකතු කළේය.
“මම ඇමරිකාවට ඔබට ඇතුළු විය නොහැකියි’ කියන කෙනෙක් නොවෙයි. අපි ජනතාව පැමිණීම අපේක්ෂා කරනවා.නමුත් ඔවුන් රට කෙරෙහි ආදරයෙන් පැමිණිය යුතුයි. ඔවුන් නීත්‍යානුකූලව පැමිණිය යුතුයි,
එක්සත් ජනපදයේ ලියාපදිංචි නොවූ සංක්‍රමණිකයින් කී දෙනෙක් සිටිනවාද යන්න දැන ගැනීම පවා අපහසුය. ජාතියට දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ එයයි.” ඔහු කියා තිබේ.
බ්‍රහස්පතින්දා ට්‍රම්ප් පෙන්වා දුන්නේ සංක්‍රමණය පිළිබඳ ඔහුගේම දැඩි ස්ථාවරය හා පණිවිඩය ඔහුගේ ජයග්‍රහණයට අර්ධ වශයෙන් හේතු වූ බවයි.
Gossip Lanka news