නැවත කාලගුණය අයහපත් වෙයි. ඉදිරි පැය 24දී කාලගුණ තත්වය
ඉදිරි පැය 24 තුළ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි කරන අංශයේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.
එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතියි.
එහි සෘජු බලපෑමක් දිවයින නොමැති බව පැවසීය.
එහි වක්‍ර බලපෑම හේතුවෙන් අනිද්දා (13) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ඇතැම් ප්‍රදේශ වලට තද වැසි ඇතිවිය හැකි බව පැවසීය.
විශේෂයෙන් උතුරු ,උතුරු මැද ,නැගෙනහිර පළාත් වල බොහෝ ප්‍රදේශ වලට තද වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බව වැඩිදුරටත් පැවසීය.