තවත් කුණාටුවක් ලංකාව දෙසට
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කාලපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
එම පද්ධතිය සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතියී.
ඉදිරි කිහිපයේ දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතිබව පැවසීය.
එම පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමුකිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත