බදු අඩු කරන්න බෑ . හැම මාසෙම තෙල් අඩු කරන්න බෑ .තෙල් මිල ගැන දුක හිතෙන ආරංචියක්.
බදු අඩු කරන්න බෑ . හැම මාසෙම තෙල් අඩු කරන්න බෑ තෙල් මිල ගැන දුක හිතෙන ආරංචියක්. මේ තෙල් මිල සම්බන්ධව ජනාධිපතිවරයා කියු කතාව පහතින්
බදු අඩු කරන්න බෑ . හැම මාසෙම තෙල් අඩු කරන්න බෑ තෙල් මිල ගැන දුක හිතෙන ආරංචියක්. මේ තෙල් මිල සම්බන්ධව ජනාධිපතිවරයා කියු කතාව පහතින්
නුවර – මහියංගණය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලීකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ. කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ගිනිගත්හේන පොලිස් ස්ථානය අසල පිහිටි අනාරක්ෂිත ආපනශාලාවක බිම කඩා වැටීමෙන් පාසල් සිසුන් හය දෙනෙකු බරපතල තුවාල ලබා ගිනිගත්තේන ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. පසුගිය 18 වන දින සිදු වූ මෙම අනතුරට ලක් වූයේ අඹගමුව විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායමකි. ගිනිගත්තේන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවසූ අන්දමට, මෙම සිසුන් ගිනිගත්තේන […]
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කර ඇත. ඒ යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ තොරතුරු නීති විරෝධී අයුරින් ඉන්දියානු නිල නොවන මාධ්‍යයකට මුදා හැරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි. විත්තේ නීතිඥයා අධිකරණයට සඳහන් කළේ ඉන්දියාවේ […]
මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබේ. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබුණි. ඇළ ඉවුරේ උණ පඳුරක් ආසන්නයෙන් දැල ගොඩට ගැනීමේදී කමිසයක සිරවී තිබූ අස්ථි කොටස් දැලේ පැටලී ඇති බව වාර්තා වේ. පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින නිවස සඳහා මසකට රුපියල් ලක්ෂ 46ක කුලියක් ගෙවිය යුතු බවත්, එම මුදල ගෙවීමට කැමති නම් එහි සිටින ලෙසත් නැත්නම් නිවසින් ඉවත් වීමට සිදුවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශය අද කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමකදී සිදු කෙරිණි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු […]
ණය බරින් බේරීමට නොහැකිව වස පානය කර සියදිවි නසාගත් අඹු සැමි යුවළකගේ මළ සිරුරු පන්නල කන්කානියම්මුල්ල වන රක්ෂිතයේදී ඊයේ (19 වැනිදා) සොයා ගෙන ඇත. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ යුද හමුදා මේජර්වරයකු වන අනුක්කනේ කුඹුක්කොටුව වත්ත පදිංචි සමරසිංහ පතිරණගේ ජානක චතුරංග නමැති 38 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ වන දේශානි අනුරාධිකා නමැති 32 හැවිරිදි කාන්තාවකි. ඇය […]
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24ත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමන තද වැසි […]
මහනුවර පන්විල, බැද්දේගම ප්‍රදේශයේදී ලෑන්ඩ්කෲසර් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහල මොරගහ ඔයට පෙරලීයෑමෙන් අද(19) සිදුවු අනතුරකින් එහි ගමන් කල කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ අයෙකු රෝහල් ගත කෙරුනා. ජීවිතක්ෂයට පත්වූ දෙදෙනාම වයස අවුරුදු 60 ඉක්මවූවන් වන අතර, අනතුරින් 68 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.