මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා!
ලොව මිලේච්ඡතම කුරිරු ත්රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය ඇති කළ බවත් ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනය සැබෑ කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. […]
