පුතාගේ ඉදිරිගමන දැක සං වේදී වුණ අමීර් කාන්
බොලිවුඩයේ සුපිරි තරු ආමීර් ඛාන්ගේ ඉතා හැඟීම්බර අවස්ථාවක් පසුගියදා මුම්බායි නුවරදී පැවැත්වුණු විශේෂ ප්‍රවර්ධන උත්සවයකදී දැකගත හැකි විය. 2026 වසරේ අප්‍රේල් 26 සහ 27 යන දිනවල පැවති ‘ඒක් දින් කී මෙහ්ෆිල්’ නමැති මෙම සංගීතමය සහ චිත්‍රපට ප්‍රවර්ධන උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ පුත් ජුනයිඩ් ඛාන්ගේ ඉදිරි චිත්‍රපටය වන ‘ඒක් දින්’ වෙනුවෙනි.
තම පුත්‍රයාගේ සිනමා ගමන පිළිබඳව පියෙකුට දැනෙන ආඩම්බරය මෙන්ම බොලිවුඩයේ සිදුවෙමින් පවතින පරම්පරාගත වෙනස මනාව පිළිඹිබු කළ මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිටත් අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතී.
සෑමවිටම තම නිර්මාණවල පරිපූර්ණත්වය අපේක්ෂා කරන රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට ආමීර් ඛාන්, මෙහිදී බොහෝ සෙයින් සංවේදී වෙමින් සිය කඳුළු පිසදාන අයුරු පැමිණ සිටි කාගේත් අවධානයට ලක් විය. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන සායි පල්ලවී සහ පුත් ජුනයිඩ් අසලින් අසුන්ගෙන සිටි ඔහු, චිත්‍රපටයේ දර්ශන සහ එහි එන ගීතයක් නරඹන අතරතුර මෙලෙස හැඟීම්බර වී තිබුණි. එහිදී සායි පල්ලවී සිනාසෙමින් ඔහුට සැනසිලිදායක වදන් පවසන අයුරුත්, ජුනයිඩ් ද තම පියා සමඟ කෙටි කතාබහක නිරත වන අයුරුත් එම දර්ශනවල සටහන්ව තිබුණු අතර, මෙය කිසිදු කෘත්‍රිම බවකින් තොර සැබෑ පිය සෙනෙහසක් පෙන්නුම් කරන බව බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අදහස වී තිබුණි.
මෙම උත්සව සභාව අමතමින් ආමීර් ඛාන් විසින් සායි පල්ලවීගේ දක්ෂතාව සහ නිහතමානී බව දැඩි ලෙස ඇගයීමට ලක් කළ අතර, ඇය වර්තමානයේ ඉන්දියාවේ සිටින හොඳම නිළිය බවද එහිදී ප්‍රකාශ කළේය. ඊට අමතරව සිය පුතුද චිත්‍රපටය තුළ ඉතා හොඳ කාර්යභාරයක් ඉටු කර ඇති බව ඔහු විහිළුවට මෙන් සඳහන් කළේය. මෙහිදී සභාව ඇමතූ සායි පල්ලවී ද සිය බොලිවුඩ් ආගමනය පිළිබඳව ඉතා සංවේදීව අදහස් ප්‍රකාශ කළ අතර, හින්දි භාෂාව හැසිරවීම සම්බන්ධයෙන් තමන්ට ඇති අඩුපාඩු පිළිබඳව සමාව අයදින බවත්, ඛාන් පවුලට සිය කෘතඥතාව පළ කරන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
Discover more
South Asians & Diaspora
Beaches & Islands
2026 මැයි 1 වැනිදා තිරගත වීමට නියමිත ‘ඒක් දින්’ චිත්‍රපටය, 2016 වසරේ තිරගත වූ ‘වන් ඩේ’ නමැති තායිලන්ත චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස ආදර කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. රොහාන් නොහොත් ඩිනෝ ලෙස ජුනයිඩ් ඛාන් රංගනයෙන් දායක වන මෙහි, ඔහු තම සමීපතම සේවිකාවක වන මීරා (සායි පල්ලවී) වෙත ආකර්ෂණය වන නමුත් සිය ආදරය ප්‍රකාශ කිරීමට අපහසුතාවයට පත්වන තරුණයෙකුගේ චරිතයක් නිරූපණය කරයි. ඔහු ඇය සමඟ ගත කිරීමට ප්‍රාර්ථනා කරන එක් පරිපූර්ණ දිනයක් සැබෑවක් බවට පත්වීම මෙම පැය දෙකක පමණ ධාවන කාලයකින් යුත් චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වී තිබේ.
සුනිල් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටය, ආමීර් ඛාන්, මන්සූර් ඛාන් සහ අපර්ණා පුරෝහිත් යන අයගේ නිෂ්පාදනයෙන් ද, ස්නේහා දේසායි සහ ස්පන්දන් මිශ්රාගේ තිර රචනයෙන් ද හැඩගැන්වී ඇත. ජුනයිඩ්ගේ දෙවන සිනමාපටය මෙන්ම සායි පල්ලවීගේ ප්‍රථම හින්දි චිත්‍රපටය වන මෙයට කුනාල් කපූර්, කවීන් දාවේ, ප්‍රගති මිශ්රා වැනි නළු නිළියන් රැසක් සහය රංගනයෙන් එක්වෙති. පියෙකු මෙන්ම නිෂ්පාදකයෙකු ලෙසද ආමීර් ඛාන් සමාජ මාධ්‍ය සහ ප්‍රවර්ධන වැඩසටහන් හරහා මෙම සිනමාපටය ප්‍රචාරය කිරීමට සක්‍රීයව දායක වෙමින් සිටින අතර, අසාද් රාඕ ඛාන් සහ ගෞරි ස්ප්‍රැට් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයද මෙම ‘ඒක් දින් කී මෙහ්ෆිල්’ උත්සවයේදී දැකගත හැකි විය.
gossip lanka news
