සරසවි සිසුන්ට ජනාධිපති අරමුදලින් ලැප්ටොප්
දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්14 දෙනකුට ජනාධිපති අරමුදලින් ලැප්ටොප් පරිගණක ලබාදීම පසුගියදා (18) ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. ඒ සඳහා ජනාධිපති අරමුදල වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 58කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුන් වෙනුවෙන් එම අධ්‍යාපනික උපකරණ ලබාදෙන ලදී.
ඒ අනුව, 2025 වසරේදී හා 2026 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 30 දෙනකුට පමණ ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ ලබාදී ඇත. ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් ලක්ෂ 98කට වැඩි මුදලක් වැය කර තිබේ. ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා මාපියෝ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න
