ඉන්ධන මිල අඩු කිරීම පිළිබද රජයෙන් විවේදනයක්
මැද පෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉහළ ගිය ඩීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල පහත දැමීම රජය මසකින් තීරණය කරන බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක් “ඉරිදා මව්බිම”ට පැවසීය.
ගෝලීයව ඉහළ ගිය ඉන්ධන මිල ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් ගත් අතර එවැනි තත්ත්වයක වුවත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඩීසල් හා පෙට්‍රල් සඳහා මාස තුනක සහනයක් ලබා දුන් බව අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ ය.
එම ඉන්ධන සහනය මේ මස අවසන් වීමට නියමිත අතර ඒ අනුව මේ මස අග ඉන්ධන සම්බන්ධ රජයේ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වේ.
ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ, ඉන්ධන මිල ගණන් තීරණය කිරීමට පෙර වැඩි මිලට ලබාගත් ඉන්ධන බවත් අඩු මිලට මිල දී ගත් ඉන්ධන ඉන් පසුව ලබා ගැනීමට සිදුවන බවත් දැනගන්නට ලැබේ.
ඒ අනුව, රජය පාරිභෝගිකයාට ලබා දී ඇති සහනය ඉවත් කරමින් පවතින මිලෙහි ම හෝ මිල අඩු කිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලනු ඇත.
maebima
