පිටකොටුවේ කරත්ත ඇදපු නාට්ටාමි තාත්තා ඉස්සරහා, අලුත් OIC පුතා කරපු දේ!
සිරිදාස කියන්නේ කොළඹ පිටකොටුවේ අවුරුදු විස්සක් තිස්සේ බර කරත්ත ඇදපු ‘නාට්ටාමි’ කෙනෙක්. දැඩි අව්වේ, මහ වැස්සේ දාඩිය පෙරාගෙන, තමන්ගේ ඇඟේ හයිය දියකරලා සිරිදාස මේ දුක් වින්දේ තමන්ගේ එකම පුතා අසංකව ඉහළටම උගන්වන්න. ගමේ ඉස්කෝලෙන් හොඳටම පාඩම් කරපු අසංකට ඕනේ වුණේ කවදාහරි දවසක පොලිස් නිලධාරියෙක් වෙන්න.
සමහර දවස් වලට පිටකොටුවේ මුදලාලිලාගෙන් බැනුම් අහගෙන, පාරේ යන වාහන වලින් කුණුහරුප අහගෙන සිරිදාස කරත්තය අදිනකොට ඔහුගේ ඇස් වලට කඳුළු ආවා. ඒත් ඔහු ඒ ලැබෙන හැම සතයක්ම එකතු කරලා පුතාට පොත් ගෙනත් දුන්නා. “මං මේ විඳින දුක මගේ පුතාට කවදාවත් විඳින්න දෙන්නේ නෑ” කියලා ඔහු හිතුවා.
කාලය ගෙවිලා ගියා. අසංකගේ හීනය හැබෑ වෙලා ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් (Inspector) විදිහට පිටකොටුව පොලිසියේම ස්ථානාධිපති (OIC) විදිහට වැඩ භාරගත්තා. තමන්ගේ පුතා ලොකු මහත්තයෙක් වෙලා කියලා සිරිදාස දැනගෙන හිටියත්, ඔහු අනුන්ට අතනොපා ජීවත් වෙන්න ඕන නිසා වෙනදා වගේම එදා උදෙත් තමන්ගේ පරණ සරමත් ඇඳගෙන කරත්තය අදින්න පිටකොටුවට ආවා.
එකපාරටම පිටකොටුවේ කඩවීදිය මැදින් ආපු අලුත්ම පොලිස් ජීප් එකක් සිරිදාසගේ කරත්තය ඉස්සරහා නතර වුණා. කඩකාරයොත්, පාරේ ගියපු අයත් පුදුම වෙලා බලාගෙන ඉද්දී, ජීප් එකෙන් බැස්සේ අලුත්ම නිල ඇඳුමින් සැරසුණු අසංක. කෙලින්ම තාත්තා ළඟට ආපු ඔහු, දහඩිය පෙරාගෙන හිටපු තාත්තාගේ කකුල් දෙක අල්ලලා මහ පාරේම වැඳ වැටුණා.
“අද මම මේ ඇඳුම ඇඳගෙන ඉන්නේ මගේ තාත්තා මේ කරත්තය ඇදලා කාපු කටු නිසයි” කියලා කියපු අසංක, තාත්තාව තමන්ගේ ජීප් එකේ නග්ගගෙන ගියේ එදා වෙනකම් සිරිදාසට බැනපු මුදලාලිලාගේ ඇස් වලටත් කඳුළු එක්කරමින්. මව්පියන්ගේ දහඩිය සුවඳ අමතක නොකරන මේ වගේ දරුවෝ අදටත් අපේ සමාජයට දෙන ආදර්ශය වචන වලින් කියන්න බැරි තරම් නේද?
මනක්කල්පිත් කතාවකි
