ත්‍රීවිල් පදින කොල්ලන්ට සතුටු හිතෙන ආරංචියක්
සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අළෙවිකරුවන්ගේ සංගමයේ උප ලේකම්, සහ එහි සාමාජිකයන් 15 වන අද දින පොලිස්පතිතුමා සමඟ සාකච්ඡාවක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණෙන ලදී.
මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් සහභාගී විය.
එහිදී, සමස්ථ ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් ඔවුන්ගේ කර්මාන්ත ශාලා වැසීයාම හා ඔවුන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමා සමඟ සාකච්ඡා කෙරිණි.
ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මඟින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කල හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමටත්, එසේ නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවටත් දැනුම් දුන් අතර, ලබා දී ඇති මාස 03ක සහන කාලය තුල ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කර එම නීත්‍යානුකූල නොවන අමතර කොටස් ඔවුන් ලවා ඉවත් කරවීමට මෙහිදී සාකච්ඡා විය.
ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කිසිවිටකත් කටයුතු නොකරන බවට දැනුවත් කළ අතර විශේෂයෙන්ම මේ සීමාවන් පනවා ඇත්තේ මාර්ගය භාවිතා කරන සෙසු පුද්ගලයන්ගේ, ත්‍රීරෝද රථ රියදුරන්ගේගේ හා එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටත් වැඩිදුරටත් පොලිස්පතිතුමා විසින් ඔවුන් දැනුවත් කරන ලදී.
උපුටා ගැනීම – Lanka c news