ඉෂාරාට ඉදිරියේදී වෙන දේ ගැන පොලිස් නිළධාරියෙක් සිදු කරපු ඇග හිරි වැටෙන අනාවැකිය
පළවෙනියෙන්ම අපරාධයකට ආධාර අනුබලදුන් සැකකරුවෙකුට ලංකාවේ පවන නීතිය බලන්න ඕනා….
ගනේමුල්ල සංජීව ඝාතනය well organized murder එකක්..මෙම අපරාධයට අදාලව විමර්ශනය අවසන් කරල මහාධිකරණයක නඩු හබයකින් පසු සැකකරුවන් අපරාධයෙක් කරන්න ලොකු කාලයක් යනවා..අඩුම අවුරුදු 10 ක් වත්….🤔
පරිවේශන සාක්ෂි අවම වෙනකොට ගොඩක් දුරට විමර්ශනයේදී කරන්නේ අපරාධයට ආධාර අනුබල දුන් කිහිප දෙනෙක් රාජයේ සාක්ෂිකරුවන් කරනවා….
හූන කිව්ව වගේ කියන්නම් මේ සැකකාරියට කරන්නෙත් ඒ ටිකමයි…
රජයේ සාක්ෂිකාරයෙක් උනාම වෙන්නෙ අපරාධකරපු තමන්ගෙම අයට විරුද්ධව කථාකරන්න වෙන එක…
පොලීසියෙනුත් ඇප අරන් බන්ධනාගාරයනුත් බැහැල ගෙදර ගිහින් කාලෙකට පස්සෙ (මම කිව්වා වගේ අවුරුදු 10 කින් විතර)
තමන්ගෙ අයට විරුද්ධව සාක්ෂි දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්..
දුන්නොත් එයත් එක්ක අපරාධය කරපු අනිත් අය (life sentence ) ජීවිතාන්තය දක්වා සිර දඩුවම්…
එහෙම වෙනකම් ඒ අය බලාගෙන ඉදීද!
අපරාධවලට සම්බන්ද වෙන අයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා..ඒක හරිම භයංකරයි 🥲
මගේ අත්දැකීමනම් මිනිස්සු කුමන හෝ හේතුවකට අපරාධ කරනවා…ඒ වරද හදාගෙන ආපහු ජීවත් වෙන්න මිනිහෙකුට අවස්ථාවක් දෙන්න ඕන….
ඒකයි දියුණු රටවල්වල prison මාලිගා වගේ හදල තියෙන්නෙ…
මේක මගේ මතයක් විතරයි… Proffessional ඔබේ මතයත් කොටාගෙන යන්න….
අදහස්වලට ගරුකරමි…🙏

