අද රාත්‍රී 11 පසු හැමෝම අනිවාර්යෙන් අහස බලන්න
මෙම වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද (20) රාත්‍රියේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.
‘ඔරායනයිට්ස්’ ලෙස නම් කර ඇති මෙය නැගෙනහිර අහසේ දැකගත හැකි අතර රාත්‍රී 11 න් පසු නිරීක්ෂණය කළ හැකි ය.
එසේම මෙම උල්කාපාත වර්ෂාව අලුයම 03 ත් 05 ත් අතර වේලාවේදී පැහැදිලිව දැකගත හැකි බවත් පැයකට උල්කාපාත විස්සත් 30 ත් අතර ප්‍රමාණයක් මෙහිදී දැකගත හැකි බවත් ගිහාන් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා තිබේ
