කැළණි නදී දිය කිදුරිය මිනිස්සු ඇගේ මර ණය ගැන කම්පා වෙයි
වතුරෙන් අවතැන් වූ ජීවිත රැසක් බේරා ගත් කැලණි නදී දිය කිඳුරිය ඇයයි.. නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත්, ඕෂධී ගැන ඇසුණු හද කම්පා කරන පුවතක් වාර්තා වනවා
ඇයගේ නික්මයාම ගැන මේ වෙනකොටත් බොහෝ දෙනෙක් සිටින්නේ දැඩි කනස්සල්ලෙන්.
තමන්ට ලෙංගතු බොහෝ දෙනෙක් වෙනුවෙන් උදව් උපකාර කළ තරුණියකට මේ අත්වුණේ මොනවගේ ඉරණමක්ද?
මිනිස්සු අද ඇගේ මරණය ගැන මොන තරම් සංවේදී වෙනවාද..?
කැලණි නදී දිය කිඳුරිය වශයෙන් කිරුළු පැලඳි දක්ෂ පිහිනුම් ශූරියක වන සේදවත්තේ, කොටුවිල පදිංචිව සිටි ඕෂධි වියාමා තරුණිය මෙසේ මියගොස් තිබුණා.
ගංවතුර සමයේදි අවතැන් වූ තම අසල්වැසි ජනතාවගේ ජීවිත රැසක්ම බේරා ගනිමින් බෝට්ටුවල නැඟී දිවි පරදුවට තබා අතිමහත් සේවාවක් කරන ලද සේදවත්තේ පදිංචිව සිටි තරුණියක් වෙනවා.
කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය මියයන විට 19 වැනි වියේ පසු වූවාය.
පසුගිය ගංවතුර අවධියේ අවතැන් වූ තම අසල්වාසීන් බේරා ගැනීමටත්, ඔවුනට ආහාර පාන රැගෙන යෑමටත් බෝට්ටුවක නැඟ රෑ දහවල නොබලමින් අතිවිශාල කැප කිරීමක් සිදු කළ බව ප්‍රදේශවාසීහු පවසනවා.
ඕෂධි පිහිනීමට පුරුදු වූයේ වයස අවුරුදු 3 සිටයි. ඒ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේය.
ඇය කුඩා කාලයේ කිසි දිනෙක කැලණි ගඟට බැස නොමැත. ඒ කිඹුලන් ඇතැයි සිතා ඇති වූ බිය නිසාය.
ඕෂධි කැලණි ගඟ තරණය කරමින් මීටර 1000ක දුරක් විනාඩි 14යි තත්පර 41ක කාලයක් තුළ පිහිනමින් ගිනස් වාර්තා පොතට එක් වූයේ 7 හැවිරිදි වියේදීයි.
ඇය වාර්තාව තබනු දැක බලා ගැනීමට එදින ගම්වාසීන් ඇතුළු දහස් ගණනක ජනතාවක් කැලණි ගඟ දෙපස රැස්ව සිටියා.
