පාසලක් නා ය යෑමේ අවධානමක දැනුම් දෙන තුරු පාසල වසා දමයි
දැනට පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ඉහළින් පිහිටි ගොඩනැගිලි නායයෑමේ අවදානමක. නැවත දැනුම් දෙන තුරු පාසල වසා දැමේ.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත.
🛑 හේතුව:
විද්‍යාලයට ඉහළින් පිහිටි රජ පිහිල්ල මාවතේ (Rajapihilla Mawatha) නායයෑම් අවදානමක් මතුවීම.
⚠️ NBRO අනතුරු ඇඟවීම:
පාසලට ඉහළින් ඇති ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් පෙන්වා දී ඇත.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව දෙමාපියන් සහ සිසුන් දැනුවත් කරන්න. 🙏

