ලංකාවම කතා කරන දියණියගේ පියා ලංකාවේ ප්‍රබල චරිතයක් ?
GEN Z ලබ්බක් නෙමෙයි, මේ තමන්ගේ පියාගෙන් ලැබුන හයිය. මේවා අපේ පාසල් කාලය තුලත් වුනා, දැනුත් වෙනව.. 😂
මේ සිසුවියගේ පියා මහේෂ් චන්දන.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම ස්කොෂ් පුහුණුකරුවෙක්.
ඔහු තමයි වසර 17 ක් තිස්සේ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ස්කොෂ් පුහුණුකරුවා.
ඊට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයෙත් පුහුණුකරුවා ඔහු.
ස්කොෂ් සංගමයේත් ප්‍රබල චරිතයක්.
මේ දැරිය ක්‍රීඩාවට ගේන්නේ, පුහුණුකරන්නේ, පාසලේ ස්කොෂ් ශූරිය කරන්නේ, පාසල් පුහුණුකරු.
එහෙම නැත්නම් ඇයගේම පියා මහේෂ් චන්දන.
(හරියට කරුණාරත්නලා ලංකාවේ බැඩ්මින්ටන් ශූරයෝ වුණා වගේ)
දරුවන් ගොඩනැගෙන්නේ දෙමාපියන්ගේ ආභාෂයෙන්. ඒක තමයි යථාර්තය.
දරුවන්ගේ පෞරුෂය හැදෙන්නේ ප්‍රධාන වශයෙන්ම පවුලෙන් සහ සමාජයෙන් මිසෙක ඉපදුනු පරම්පරාවෙන් නෙවෙයි.
මේ උත්සවයට ඔහුත් සහභාගී වී හිටියා. හොඳම පුහුණුකරු සම්මානයටත්, ඔහු නිර්දේශ වී හිටියා.
මේ සිසුවිය ඉතාම නිර්භීතව වේදිකාවේ කතා කරන්නේ, විදුහල්පතිනියගෙන් ගේම ඉල්ලන්නේ ඇයගේ බලවත් පියා පහල බලාගෙන ඉන්න නිසා.
ඒ පවුල් පසුබිම සහ සමාජ මට්ටම මිසෙක Gen Z නොවෙයි.
මේ මහේෂ් චන්දනගේ දුව.
ඉස්සරත් මෙවැනි බලවත් පියවරුන්ගේ දරුවන්ට මේ ‘කොන්ද’ තිබුණා.
ඇයට සම්මානය හිමි විය යුතුද නැත්ද වැනි ලාමක, බොලඳ පොඩි සාකච්ඡාවකට මැදිහත් වෙන්න උවමනා නැහැ.
හැබැයි ඇයගේ හැසිරීම සහ ඇය එක් රැයකින් රටේම වීරවරියක් වීම පසුපස තිබෙන ජනතා මානසිකත්වය ඒක.
එතැන දී පෙනුණේ ප්‍රජාවක් ලෙස අපගේ ඇති හිස්තැන්.

