ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රන්මිල මෙන්න.
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22 වැනිදා) වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) ලෙස සටහන් විය.
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ හතළිස්හතර දහසක් (344,000) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්රමනියම් පැවැසීය. තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ දහඅටදහස් පන්සියයක් (218,500) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ පනස් (258,000)ක් දක්වා ද ඉහළ ගොස් ඇතැයි ලේකම්වරයා කීවේය.
මේ අතර මෙම වසරේදී ලෝක වෙළෙඳපොළේ රන් මිල සියයට හැටකට (60%) වඩා වැඩි ප්රතිශතයකින් ඉහළ ගොස් ඇත. ඉකුත් ඔක්තෝබර් මාසයේදී ද ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ ගියේය.
